බස්නාහිර හා හුදෙකලා ප්‍රදේශවල හැර පාසැල් අද සිට ආරම්භවේ

බස්නාහිර පළාත හා මේ වනවිට හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල හැරුණුකොට, සෙසු ප‍්‍රදේශවල 2021 වර්ෂය සඳහා පළමු පාසල් වාරය අද (11) දිනයේ සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඒ අනුව 2 වැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු අද සිට සිදුකෙරෙන බව ද එම අමාත්‍යාංශය පවසයි.

අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති මාර්ගෝපදේශවලට අනුව, සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කෙරෙන බවයි.

අධ්‍යාපන ලේකම්වරයා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නේ සියලූම සිසු සිසුවියන්ට මුඛ ආවරණ පැළඳ පාසලට එවීමට කටයුතු කරන ලෙසටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *