බස්නාහිර පළාතේ පාසැල්වල සියලු ශ්‍රේණි විවෘත කිරීම සඳහා අවසර ලබාදීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කරයි. ඒ අනුව බස්නාහිර පළාතේ පාසැල්වල සියලු ශ්‍රේණි මාර්තු 29 වන සඳුදා සිට ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.
බස්නාහිර පළාතේ රජයේ පාසැල්වල 05, 11 හා 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ඉකුත් 15 වනදා ආරම්භ කෙරුණු අතර සෙසු ශ්‍රේණි ආරම්භ කිරීමට නියමිතව තිබුණේ අප්‍රේල් මස 19 වනදායි.