කොරෝනා ව්‍යාප්තියත් සමගම වසැ දැමූ බස්නාහිර පළාතේ දහම් පාසල් ලබන මස 18 වැනිදා සිට යළි විවෘත කිරීමට තීරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා පවසා සිටියේ බස්නාහිර පළාතේ පාසල් හෙට (29) දිනයේ ආරම්භ කිරීමට රජය ගත් තීරණයත් සමග දහම් පාසල් ද ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි.