බස්නාහිර පළාතේ උපකාරක පංති ආරම්භ කිරීමට අනුමැතිය ලබා දී ඇත.
අප්‍රේල් මස 12 වන දිනයෙන් පසු පැවැත්වීමට හැකි බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තහවුරු කළාය.
පාසල් ආරම්භ වී සති දෙකකට පසුව උපකාරක පන්ති ආරම්භ කළ හැකි බව එහි සඳහන් බවත්, පන්තියක සිසුන් සංඛ්‍යාව වරකට උපරිම වශයෙන් 100දෙනෙකුට සීමාවිය යුතු බව ද එතුමිය සඳහන් කළාය.
සෑම විටම ආසන දුර මීටරයක් පවත්වා ගත යුතු බවත්, ආසන පහසුකම් 100ට වඩා අඩුවන අවස්ථාවලදී සිසුන් සංඛ්‍යාව මුළු ආසන ධාරිතාවයෙන් සියයට 50ක් නොඉක්මවිය යුතු බවත් සඳහන්‍ය.