බලපෑම්වලට යට නොවී රාජකාරිය කරන්න

කිසිදු බලපෑමකට යටත් නොවී තම රාජකාරිය ඉටු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දකුණු පළාත් උසස් පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ඒ සඳහා දේශපාලන අධිකාරිය ලෙස පහසුකම් සැපයීමට තම රජය කටයුතු කරන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේ, දකුණු පළාතේ පොලිස් ප්‍රධානීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (18) පැවති සාකච්ඡාවේදීය.

රටේ මූලික නීතියට සියලුදෙනා යටත් විය යුතු බවත් එම නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකිම පොලිස් දෙපාර්තමේන්තුවට පැවරෙන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සම්බන්ධ වාර්තා පිළිබඳ දකුණු පළාතේ උසස් පොලිස් නිලධාරීන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කරනු ලැබූ අතර, අපරාධ මර්දනයට අදාළව  ගත හැකි සියලු ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට දැනුම් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *