බරපතළ මූල්‍ය අපරාධ විමර්ශනය කොට්ඨාසය සී.අයි.ඩි යටතට

බරපතළ මූල්‍ය අපරාධ විමර්ශනය කිරීම සඳහා 2015 යහපාලන රජය සමයේ පිහිටුවා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ විසුරුවා හරින ලද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට ගෙන එමින් නැවත වතාවක් පණ දීමට නියමිතය.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කර සිටියේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට ගෙන ආවත් එම කොට්ඨාශයේ ප්‍රධානියා ලෙස වෙනම නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් පත් කරන බවය. නව වැඩපිළිවෙළ යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධීක්‍ෂණය කිරීම සඳහා වෙනම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු සිටිනු ඇති බවද ඔහු පැවැසුවේය.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය නැවත පිහිටු වීමේ අරමුණ අතරමග නැවතී ඇති ඇතැම් බරපතළ මූල්‍ය අපරාධ පිළිබඳ විමර්ශන නැවත ආරම්භ කිරීම බවද ඔහු ප්‍රකාශ කළේය. එම කොට්ඨාශය නැවත පිහිටුවීම සඳහා වන වන කැබිනට් පත්‍රිකාව ඉදිරියේදී යොමුකරන බවත් වෙනස්කම් මෙම මස අවසාන වීමට පෙර සිදුවනු ඇති බවත්ඔහු පැවැසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *