බම්බලපිටියේ ව්‍යාජ අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් 24 හැවිරිදි කාන්තාවක් ඇප මත මුදාහැර තිබේ.
සැකකාරිය අලුත්කඩේ අංක 03 මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදාහැරීමට නියෝග කර ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන සිටියේ අදාළ ව්‍යාජ අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ අවුරුදු 24ක් වූ ගිරිඋල්ල, නාරංගමුව ප්‍රදේශයේ පදිංචිකාරියකි.
නොවැම්බර් මස 27 වනදා බම්බලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත බම්බලපිටිය, ලොරිස් පාර ප්‍රදේශයේ පිහිටි අදාළ අධ්‍යාපන ආයතනය වටලා සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබුණි.