බඳ ලොකු ගුවන් යානා හතරක් ලංකාවට

සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා මෙහෙයුම් කල්බදු යටතේ පුළුල් බඳ සහිත ගුවන් යානා හතරක් ලබා ගැනීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා පුළුල් බඳ සහිත ගුවන් යානා පහක අවශ්‍යතාවයෙන් ගුවන් යානා දෙකක් මෙහෙයුම් කල්බදු පදනම  යටතේ ලබා ගැනීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස 2024-3-18 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී ඇත.

තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව අතිරේක ගුවන් යානාවක් සහිතව පුළුල් බඳ සහිත ගුවන් යානා හතරක් මෙහෙයුම් කල්බදු යටතේ ලබා ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තු පිරිනැමීම පිණිස වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *