ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ නියෝජිත හිමිවරුන් අතර ඔක්තෝබර් 8 වැනිදා පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම කමිටුව පත් කර තිබේ.
ඔක්තෝබර් 9 වැනි සිකුරාදා පස්වරුවේ පැවති මෙම රැස්වීමට බුද්ධශාසන, අධිකරණ සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශවල නිලධාරීන් මෙන්ම බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ද සහභාගී වූහ.
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර මහතාගේ සභාපතිත්වයෙන් මෙම කමිටුව ක්‍රියාත්මක වේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා කමිටුවට ප්‍රතිපත්තිමය මඟපෙන්වීම ලබාදුන් බවයි.
බන්ධනාගාරගතව සිටින අවස්ථාවේදී සහ බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යන අවස්ථාවලදී බෞද්ධ භික්ෂූන් වහන්සේලාට සැලකිය යුතු ආකාරය සම්බන්ධයෙන් දැනට පවතින බන්ධනාගාර නීති පිළිබඳව මතු වූ ගැටලු සැලකිල්ලට ගනිමින් මෙම කමිටුව පත් කර තිබේ.


