බන්ධනාගාරයේ වැඩබැලීමට නිෂාන් ධනසිංහ

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක් සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයෙක් වන නිෂාන් ධනසිංහ මහතා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වැඩබැලීමට පත්කර තිබේ.

නිෂාන් ධනසිංහ මහතා බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් විශ්‍රාම ලැබූ කීර්තිමත් නිලධාරියෙක් ලෙස පිළිගැනේ.

ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කරමින් සිරකරුවෙකුට නිදහස ලබාදුන් බවට වන චෝදනාවට අදාළව විමර්ශන අපක්ෂපාතිව සිදුකිරීමේ අරමුණින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අනිවාර්ය නිවාඩු යැවීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *