ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව 72වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන්, බන්ධනාගාර ගතව සිටි තවත් පස් දෙනෙකු නිදහස් කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුමැතිය ලබා දී ඇත.
ඔවුන් පස් දෙනා සුළු වැරදි සඳහා බන්ධනාගාර ගත වූ ආරක්ෂක අංශවල නියුතු පුද්ගලයින් වෙති.
මෙවර නිදහස් දිනය නිමිත්තෙන් ජනපති සමාව හිමි වු මුලු සිරකරුවන් සංඛ්‍යාව 517කි.