බදු අය කරගැනීම වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නෛතික ක්‍රියාවලියේ සිදු කළයුතු වෙනස්කම් පිළිබඳ අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා කර තිබේ.
බදු ගෙවිය යුතු බවට හඳුනාගෙන ඇති බදුහිමියන් පවා බදු ගෙවා නොමැති බව මෙහිදී අවධානයට ගෙන ඇති අතර පවතින නීති යටතේ වසර 15ක් බදු ගෙවීම පැහැර හැරිය හැකි බවද නිරීක්ෂණය කර ඇත.
ඒ අනුව රාජ්‍ය ආදායම වර්ධනය කරගැනීම සඳහා කළයුතු නෛතික සංශෝධන සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවී තිබේ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ 2023.06.30 දිනට ලැබිය යුතු හිඟ බදු ආදායම රුපියල් බිලියන 943ක් බවය.
විවිධ හේතු මත අය කරගැනීමට නොහැකිව පවතින මුදල රුපියල් බිලියන 767කි.

