බදු පනතක් සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ති‍බේ.

බද්දට යටත් පිරිවැටුම 2024.01.01 සිට ක්‍රියාත්මක වන පරිදි වසරකට රුපියල් මිලියන 120 සිට රුපියල් මිලියන 60 දක්වා අඩු කිරීම සඳහා 2022 අංක 25 දරන සමාජ ආරක්ෂක දායකත්ව බදු පනත සංශෝධනයට පසුගිය ඔක්තෝබර් 30 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමිව තිබිණි.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇත.

එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *