බණ්ඩි පොහොර මිල පහළට

මෙවර මහ කන්නයේ දී බණ්ඩි පොහොර හෙවත් MOP රුපියල් 9,000 දක්වා අඩු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ඇඹිලිපිටිය ප්‍රදේශයේ දී පැවැති වගා හානි වන්දි පිරිනැමිමේ අවස්ථාවට සහභාගි වෙමින් අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළේය.

යල කන්නයේ  දී වළව කලාපයේ වගා හානි සිදු වූ ගොවීන්ට වගා හානි සඳහා අද දින රුපියල් ලක්ෂ 1,000ක මුදලක් රජය විසින් පිරිනමනු ලැබිණි.

ඒ අනුව බණ්ඩි පොහොර මිටියක මිල රුපියල් 9,000 දක්වා අඩු කිරීමට නියමිත අතර, රජයට අයත් පොහොර සමාගම් දෙක මඟින් එම මිලට බණ්ඩි පොහොර ලබා දීම සිදු කරනු ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *