බඩෝවිට රජිතගේ කොකේන් සමග ගොලයෝ තුනක් මාට්ටු

විදේශගතව සිට මෙරට කොකේන් ජාවාරම මෙහෙයවන බඩෝවිට රජිත නමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු ඇතුලු දෙදෙනකු සමග  රුපියල් කෝටි පහළොවක්  පමණ වටිනා කොකේන් කිලෝ තුනක් භාරයට ගත් බව වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය පවසයි.

එම බලකායේ අධ්‍යක්ෂක පොලිස් අධිකාරි කේ.ඒ.උදය කුමාර මහතාට ලද තොරතුරකට අනුව පානදුර හිරණ ගල්තුඩ ජයසිරි පෙදෙසේ  නිවසක පරීක්ෂා කිරීමේදී එහි තිබී මෙම කොකේන් තොගය පොලිස් භාරයට ගත් බව කියයි.

ගල්කිස්ස බඩෝවිට 02 අදියරේ පදිංචි අත්තනගොඩ කන්කානම්ගේ මාධව පුබුදු ප්‍රියංකර නොහොත් බඩෝ විට පියා නැමැත්තා ගල්තුඩේ ජයසිරි පෙදෙසේ මෙම නිවසේ ගබඩා කොට ජාවාරම කරගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

සැකකරු අත්අඩංගුවට ගෙන මඳ වේලාවකින් ඔහුට අයත් මෝටර් රථයකින්  ” සුරා ” නැමැත්තකු එම නිවසට පැමිණ ඇති අතර පසුව එම මෝටර් රථය පරීක්‍ෂා කිරීමේදී එහි තිබී කොකේන් කිලෝ එකක් හමු වූ බව පොලිසිය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *