batalanda

බටලන්ද විවාදය ලබන 10වැනිදා

බටලන්ද වධකාගාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව පිළිබඳ විවාදය ලබන 10 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.

විවාදය එදින උදේ 11.30 සිට  පස්වරු 5.30 දක්වා පැවැත්වේ.

මෙම විවාදය මැයි මාසයේ තවත් දිනයක පැවැත්වීමටද  මෙහිදී තීරණය කර ඇත.

මෙම වාර්තාව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගිය 14  වැනිදා ඉදිරිපත් කරනු ලැබීය.

අසූඅට  අසූ නවය කාලවකවානුවේදී  සිදුවී ඇතැයි පැවසෙන මිනීමැරුම්, පැහැර ගැනීම්, දේපළ හානි කිරීම් ඇතුළු ක්‍රියාකාරකම් රැසක් සම්බන්ධයෙන් මෙම ජනාධිපති කොම්ෂන් සභා වාර්තාවේන් තොරතුරු අනාවරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *