බටලන්ද වාර්තාවේ හැම පිටුවක්ම කියවන්න

බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ හැම පිටුවක්ම කියවන්නැයි සියලු රටවැසියන්ට ආරාධනා කරන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන අපෙක්ෂකයින්ගේ නාමයෝජනා පත් බාරදීමෙන් අනතුරුව මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් අබේවර්ධන මහතා මේ බව කීය.

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා දිවයිනේ ස්ථාන කිහිපයක් හැරුණු කොට සෙසු සියලු පළාත් පාලන ආයතන සඳහා එක්සත් ජාතික පක්ෂය නාමයෝජනා පත්‍ර බාර දී තිබෙන බව කී අබේවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා බාරනොදුන් ස්ථාන කිහිපය සඳහා ස්වාධීන කණ්ඩායම් වශයෙන් තරඟ කරන්නට නාමයෝජනා බාරදී තිබෙන්නේ යැයි සඳහන් කළේය.

ගාල්ල දිස්ත්‍රික්කයේ  පළාත් පාලන ආයතන 19 සඳහාම අලියා ලකුණ යටතේ තරඟ කිරීමට නාමයෝජනා බාරදුන් බවද අබේවර්ධන මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *