හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් එළඹෙන ඉරිදා (16) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව ඇත. මේ අතර, සභානායක බිමල් රත්නායක මහතා විසින් අද දින පාර්ලිමේන්තුවට බටලන්ද කොමිෂන් සභා වාර්තාව ඉදිරිපත් කරන ලදී.
පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ සභානායක බිමල් රත්නායක මහතා සඳහන් කළේ අදාළ වාර්තාව සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි.
එමෙන්ම, බටලන්ද වාර්තාව සම්බන්ධයෙන් කටයුතු කිරීම පිළිබඳව ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින් දැනටමත් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවද අමාත්‍ය රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය. ඒ අනුව, මෙම වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීමට තීරණය කර තිබේ.
මීට අමතරව, මෙම කොමිෂන් සභා වාර්තාව පිළිබඳව ඉදිරි කටයුතු කිරීම සඳහා උපදෙස් යෝජනා කිරීමට ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත් කිරීමටද තීරණය කර ඇති බව රත්නායක මහතා සඳහන් කළේය. අවසාන වශයෙන්, සුදුසු අවස්ථාවක මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ දින දෙකක විවාදයක් පැවැත්වීමට පියවර ගන්නා බවද සභානායකවරයා තහවුරු කළේය.