බටලන්දේ ඇත්ත වරදකරුවන්ට දඬුවම් දෙනවා

බට ලන්දේ සැබෑ වරදකරුවන්ට  අනිවාර්යයෙන් නීතියෙන් දඩුවම් කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

බටලන්ද පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව පිළිබඳ  විවාදය අරඹමින් අමාත්‍යවරයා මේ බව කීය.

සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා කල්තැබීමේ යෝජනාව සභාවට ඉදිරිපත් කළේය.

සුනිල් වටගල මහතා මෙසේද කීය.

බට ලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීති විරෝධී වධකාගාර පිහිටුවා පවත්වාගෙන  යාම පිළිබඳව අද විවාද කෙරෙනවා. මේ කියන වකවානුවේ මා ශිෂ්‍ය ව්‍යාපාරයේ කටයුතු කළා.මේ වධකාගාර ඇතුලේ අපේ සහෝදරයන්ට අත් වූ ඉරණම ගැන අමුතුවෙන් කිව යුතු නැහැ.බටලන්ද පමණක් නොව තවත් වධකාගාර සිය දහස් ගණනක අපේ දේශප්‍රේමී සගයන් සිය දහස් ගණනක් දේශපාලනය කිරීමේ වරදට ඝාතනය කෙරුණා යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *