ලංකා ගමනාගමන මණ්ඩලයේ සියළුම සේවකයින්ගේ නිවාඩු නැවත දැනුම්දෙනතුරු අවලංගු කර ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසයි. ලබන සඳුදා (08) පෞද්ගලික බස් රථ සේවකයින් වර්ජනයක් සිදු කිරීමට නියමිතව ඇති බවට තොරතුරු වාර්තා වීම ඊට හේතුවයි.
මේ සම්බන්ධයෙන් කිංස්ලි රණවක මහතා වැඩිදුටරත් පවසා සිටියේ පෞද්ගලික බස්වර්ජනය හේතුවෙන් මගී ජනතාවට එල්ල වියහැකි බලපෑම අවම කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බවත්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සතු සියලුම බස් රථ එදින සිට ධාවනයට යෙදවීමට තීරණය කර ඇති බවයි.