පොහොර වැඩි මිලට අලෙවි කළොත් පැමිණිලි කරන්න – පොහොර ලේකම් කාර්යාලය

පොහොර අලෙවි කිරීමේදී යම් පොහොර අලෙවි නියෝජිතයකු වැඩි මිලට පොහොර අලෙවි කරන්නේ නම් කෘෂිකර්ම අමාත්‍යාංශයට පැමිණිලි කරන ලෙස ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ මහේෂ් ගම්මම්පිළ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

ඔහු සදහන් කරන්නේ වී වගාව හැර වෙනත් වගාවන් සදහා නිකුත් කරන සහනාධාර පොහොර කිලෝ ග්‍රෑම් 50 මිටියක මිල රු.1,000ක් වන බවත් මිශ්‍ර පොහොර කිලෝ කිලෝ ග්‍රෑම් 50 මිටියක මිල රු.1,150ක් වන බවත්ය. එබැවින් යම් අලෙවි නියෝජිතයකු වැඩි මිලට පොහොර අලෙවි කරන්නේ නම් කෘෂිකර්ම අමාත්‍යාංශයේ මාධ්‍ය අංශයේ දුරකතන අංක 0113403931, 0113403794 යන දුරකතන අංක වලටත් දන්වන ලෙසට වැඩි දුරටත් දන්වා සිටී.

පොහොර ලේකම් කාර්යාලය මගින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *