පොහොට්ටුවේ ජනපති අපේක්ෂක ධම්මික?

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් යෝජනාවී ඇති  ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා ඇතුළු  සිවු දෙනා සම්බන්ධයෙන්  එන සතියේ  තවදුරටත් සාකච්ඡා කිරීමට තීරණය කර ඇතැයි  පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ  අතරින් වැඩිම අවධානය යොමුවී ඇත්තේ ධම්මික පෙරේරා මහතා වෙත බවද  එම ආරංචි මාර්ග සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතාගෙන් මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී ඔහු පැවසුවේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරන  බවයි.

ජනපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමට  තවම හදිසියක් නැතැයිද   ඔහු සඳහන් කළේය.

මේ අතර ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ  යන මහත්වරුන් අතර  තවත් හමුවක් 09 දා පැවැත්වී ඇත.

එය ඔවුන් දෙදෙනා අතර පැවති හය වැනි සාකච්ඡාවයි.

එසේම  ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමට ප්‍රමාද වැඩි යැයි  පක්ෂයේ මන්ත්‍රීවරුන් ගණනාවක්ම එහි නායකත්වයට පසුගිය සතියේ දී පෙන්වාදී ඇත. එය සත්‍යයක් බව බැසිල් රාජපක්ෂ මහතාද පිළිගෙන ඇතැයි දැනගන්නට ඇත.

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වෙන කාලසීමාව  මැතිවරණ කොමිෂන් සභාව විසින් පසුගියදා ප්‍රකාශයට පත් කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *