පොහොට්ටුවේ ඡන්ද පදනම 10% කින් වැඩි වෙලා

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගයේ ඡන්ද පදනම පහළට වැවී ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද පදනම සියයට 10 ක් දක්වා වර්ධනය වී ඇති බවත් එම පක්ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා  පැවසීය.

බත්තරමුල්ලේ පිහිටි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී සාගර කාරියවසම් මහතා එසේ පැවසීය.

වත්මන් ආණ්ඩුව බලයට පැමිණ දින 34 කට පසුව පසුගිය 26 වැනිදා  පැවැති ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීමේ ප්‍රතිපළ අනුව පැහැදිලිවම ජනතා විමුක්ති පෙරමුණ  මූලිකත්වය ගත්ත මාලිමාවේ ඡන්ද පදනම පහළට වැටිලා තිබෙන බවත් මාසයකුත් දින 4ක් ඇතුළත මෙවැනි සීග්‍ර වර්ධනයක්  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  ඡන්ද පදනමට ලබාදීම සම්බන්ධයෙන් ඇල්පිටිය ජනතාවට ගෞරවය පුද කරන බවත් ඒ මහතා කීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙකයි පනහට වැටුණැයි කියපු අයට ඇල්පිටිය ඡන්ද ප්‍රතිපලය හොඳ පිළිතුරක් දුන් බව කී ඒ මහතා පොහොට්ටුවේ නායකයින් උගණ්ඩාවට මුදල් ගෙනිච්චා යැයි බොරු චෝදනා කර  ජනතාව රවට්ටලා, ජනතාව නොමග යවලා  වර්තමාන ආණ්ඩුව ඡන්දය ගත් බව පැහැදිළි බවත් ඔහු කීය.

ඇල්පිටිය ඡන්ද ප්‍රතිඵලය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාව ලොකු වෙනසක් ඇති කරන වැරදි නිවරදි කිරීමට හොඳ මාවතක් බව ද ඒ මහා සඳහන් කළේය.

යහපාලන ආණ්ඩුව පැමිණි කාලයේ පොදුජන පෙරමුණ විරුද්ධ වෙද්දී එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වී ජනතා විමුක්ති පෙරමුණ පළාත් පාලන ඡන්ද ක්‍රමයේ  මහා විකෘතිය ඇති කළ බව කී ඒ මහතා ඒ ඇති කළ විකෘතියේ සෘජු ප්‍රතිපල ඔවුන්ට විදීමට සිදුව ඇති බව ද සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණට බලය තියෙන මේ අවස්ථාවේදීවත් රට ගැන හිතන ලෙස ඉල්ලා සිටින බව කී කාරියවසම් මහතා පැවසුවේ රාජපක්ෂවරුන්ට බොරු චෝදනා කර, පොහොට්ටුවට බොරු චෝදනා කර  ජනමනස  වෛරයෙන් පුරවා, ජනතාව රවටා ජාතික ජනබලවේගය ඡන්ද ලබාගත් බවත්ය.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විදේශ ණය ගන්නා විට රටේ ජනතාව ණය කරනවා, අනාගත පරපුර ණය කරනවා යැයි වර්තමාන ජනාධිපතිවරයා දිගින් දිගටම පැවසූ බවත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගත් ණයවලින්  අධිවේගී මාර්ග, ගුවන්තොටුපොළ, වරාය, නෙලුම් කුළුණ, මහා දැවැන්ත සංවර්ධන යෝජනා ක්‍රම, මහා දැවැන්ත සංවර්ධනයක් රටට දුන් බවත් ඒ මහතා සඳහන් කළේය.

රට ණය කරන්නේ නැහැ, ණය ගන්නේ නැහැ කියපු අනුර කුමාර ආණ්ඩුව දිගින් දිගටම විදේශ ණය, බැඳුම්කර ණය ඇතුළු විවිධාකාරයෙන් ණය ගනිමින් සිටින බවත් වර්තමාන ආණ්ඩුව ජනතාවට සහන දීම වෙනුවට තාප්ප කඩලා, ගේට්ටු කඩලා සංදර්ශන පැවැත්වූ බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *