වාහන කුලියට ලබාදෙන ස්ථානවලින් කුලියට ලබාගත් වාහන ව්‍යාජ ලිපිලේඛන සකස් කර තෙවන පාර්ශවයකට විකිණීමට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර දකුණු විශේෂ විමර්ශන ඒකකය මඟින් සිදුකළ මෙහෙයුමකදී එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.
සැකකරුවන් විසින් අදාළ ආයතනවලින් වාහන කුලියට ලබාගෙන ඇත්තේ ව්‍යාජ ලෙස සකස් කළ හැඳුනුම්පත් ඇතුළු ලේඛන ලබාදීමෙන් බව අනාවරණය වී ඇත.
වාහන ලබාගත් පසු එම පුද්ගලයන් සොයාගැනීමට නොහැකි වි ඇති අතර මේ සම්බන්ධයෙන් මිරිහාන, යාපනය, අවිස්සාවේල්ල, ගල්කිස්ස, හෝමාගම, නුවර එළිය, අනුරාධපුරය, කල්මුණ සහ කෑගල්ල පොලිස් වසම්වලින් පැමිණිලි ලැබී තිබේ.