පොලිසියට ’’සින්ගල් කැබ්’’ – ඉන්දීය ගිවිසුමක්

ශ්‍රී ලංකා පොලිසියේ භාවිතය සඳහා “සින්ගල් කැබ්” රථ ලබාදීමේ ලබාදීමේ අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩී.ඩබ්ලිව්.ආර්.බී. සෙනෙවිරත්න යන මහත්වරුන්  අත්සන් තැබූ බව ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.

අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමේ උත්සවයට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මෙන්ම මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ, ශ්‍රී ලංකා පොලිසියේ සහ මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගි වූ බව ඉන්දීය මහා කොමසාරිස් කාර්යයාලය පැවැසුවේය.

ඉන්දීය රජයෙන් ලබාදෙන ශ්‍රී ලංකා රුපියල් මිලියන 300 ක ප්‍රදානයක් යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවත් ඒ යටතේ අවම වශයෙන් ලංකාව පුරා පිහිටි පොලිස් ස්ථානවලට අවම වශයෙන් කැබ් රථ 80 ක් ලබාදෙනු ඇති බවත් ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *