පොලිස් සිරමැදිරිය තුළ පුද්ගලයෙක් සියදිවි නසාගනී

ගල්කිස්ස පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයෙකු සිරමැදිරිය තුළ සියදිවි නසාගෙන තිබේ.

ඊයේ (09) පස්වරු 2.24ට පමණ එම පුද්ගලයා සිරකුටියේ වැසිකිළිය තුළ ගෙල වැලලාගෙන සිටියදී හමුවූ බව ගල්කිස්ස පොලීසිය පවසයි.

සැකකරු කොලඹ 05, තිඹිරිගස්යාය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 58ක පුද්ගලයෙකි.

අද අලුයම ගල්කිස්ස පීරිස් පාර, බෝධිය අසල බස්රථයක් අසල රැඳී සිටියදී ඊට හේතු ඉදිරිපත් කිරීමට අපොහොසත්වීම නිසා ආරක්ෂක කටයුතු සිදුකරනු ලැබූ ජංගම රථයේ නිලධාරීන් විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරු සිය කලිසමේ පටියක් ඉරා ඇඳුම් එල්ලන ඇණයක් ආධාරයෙන් මෙලෙස ගෙල වැලලාගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන්  වැඩිදුර පරීක්ෂණ ගල්කිස්ස මූලස්ථාන පොලීසිය මගින් සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *