පොලිස් රාජකාරියට බාධා කළ දෙමටගොඩ කතක් අල්ලයි

රථ වාහන වරදකට මෝටර් රථයක් නවතා නීතිය ක්‍රියාත්මක කිරීමට යද්දී එය පැද වූ කාන්තාව ඇය ‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයකුගේ  නැගණිය බව පවසමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් කලහකාරී ලෙස හැසිරී පලායමින් සිටියදී මිනුවන්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගම්පහ පොලිසිය කියයි

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙමටගොඩ බේස්ලයින් පාරපදිංචි වයස අවුරුදු 46 ක කාන්තාවකි

සිදුකළ විමර්ශනවලදී ඇය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කිසිදු ඥාති සම්බන්ධතාවයක් තිබෙන තැනැත්තියක් නොවන බවට අනාවරණය වී යැයි පොලිසිය කියයි

රථ වාහන අංශයට අනුයුක්ත පොලිස් නිලධාරීන් ගම්පහ උඩුගම්පොළ පොළහන්දියේදී  කාන්තාව කළ වරද හේතුවෙන් සැකකාරියගේ මෝටර් රථය නවතා නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී ඉතා අසෝබන ලෙස පොලිස් නිලධාරීන් දෙසට ඇඟිල්ල දිගු කරමින් බැන වදින ආකාරය ජංගම දුරකථනයක ද සටහන් ඇතැයි පොලිසිය කියයි

සැකකාරියට එරෙහිව අන් අයෙකු ලෙස පෙනී සිටීම, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හා සිදුකළ රථවාහන වරදට අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය කියයි

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *