රාජකාරියේ නිරතවී සිටි රථවාහන අංශයේ පොලිස් නිලධාරියෙකුව අනතුරට පත්කළ රියදුරු පිළිබඳ තවත් තොරතුරු හෙළිවී ඇත.
කොළඹ නෙළුම් පොකුණ දෙස සිට නිදහස් චතුරශ්‍රය දෙසට පිවිසීමේදී CCC ක්‍රීඩාංගණය අසළ වටරවුමේදී මෙම අනතුර සිදුවී තිබුණි.
අදාළ මෝටර් රථය කොස්තාපල්වරයාව අනතුරට ලක්කරමින් වටරවුමේ ජල පොකුණ මතට කඩාවැදී තිබේ.
අනතුර සිදුකළ සුඛෝපභෝගී මෝටර් රථය පදවා ඇත්තේ තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවෙකු ලෙස කටයුතු කරන පුද්ගලයෙකි.
කුරුඳුවත්ත පොලීසිය සඳහන් කළේ එම අනතුරෙන් රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයා බරපතළ තුවාල ලබා ඇති බවය.
එම පොලිස් කොස්තාපල්වරයා කුරුඳුවත්ත පොලීසියට අනුයුක්තව රථවාහන අංශයේ රාජකාරි කරන වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි නිලධාරියෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථය පැදවූ සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.
අනතුරෙන් තුවාල ලද පොලිස් කොස්තාපල්වරයා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ බවද රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.
මේ අතර මෙම අනතුර සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලීසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් පැමිණ පරීක්ෂණ පවත්වන බවද වාර්තා වෙයි.