අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය බුද්ධි අංශ යොදවා ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී පැවසීය.
පොලිස්පතිවරයා සොයා පොලීසිය වැටලීම් සිදුකරන බවත් හැකි ඉක්මනින් පොල්ස්පතිවරයා අත්අඩංගුවයට ගනු ඇතැයි ආණ්ඩුව විශ්වාසයෙන් සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍ය වේදීන් කළ විමසීමකදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.