පොලිස්පති මහජන සහන දිනය ඔක්තෝම්බර් 11 වන දින සිට යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර ඇත.
ඒ අනුව එදින සිට රජයේ නිවාඩු දිනයක් නොවන සෑම සිකුරාදා දිනකම පෙ.ව 9.00 ට කොළඹ 02, සර් චිත්තපලම් ඒ ගාඩිනර් මාවත, අංක 140 ලිපිනයේ ස්ථාපිත නව පොලිස් මූලස්ථානයේදී මෙම මහජන දිනය පැවත්වෙන බව පොලිස් මූලස්ථානය දැනුම් දෙයි.
පොලිස් ස්ථාන හා විවිධ විමර්ශන අංශ මගින් තම පැමිණිලි සඳහා අපේක්ෂිත සහනයන් ලබාගැනීමට නොහැකිවූ අයට ඒ සඳහා සෘජුවම පොලිස්පති ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වෙතින් කඩිනමින් විසඳුම් ලබාගැනීමට මෙම සහන දිනයට සහභාගී වීමෙන් අවස්ථාව උදාවන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි .
පසුගිය මාස කීපයක් තිස්සේ පොලිස්පති මහජන සහන දිනය අවලංගු කර තිබිණි .