පොලිතීන් තහනම් වූ මහනුවර

ඊයේ දිනයේ (16) සිට මහනුවර මහා නගර සභා බල ප්‍රදේශය තුළ මයික්‍රෝන 20 ට වඩා අඩු පොලිතින් භාවිතය සම්පුර්ණයෙන්ම තහනම් කිරීමට කටයුතු කර තිබේ.‍ මේ සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (16) මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානයේදී ආරම්භ විය. නගරයේ පවතින සියලු ආයතනයන් ,පාසල් , පුද්ගලික පන්ති පවත්වන ආයතනයන් , වෙළෙඳ සැල් , ආදී සියල්ල ආවරණය වන පරිදි මෙම දැනුවත් කිරීම් සිදු කෙරිණ.

රටේම පවතින මෙම පාරිසරික ගැටලුවට යහපත් වූ දායකත්වයක් මහනුවරින් අපේක්ෂා කරන බවත් ඒ සදහා මහනගර සභාව ලෙස උපරිම දායකත්වයක් ලබා දීමට කටයුතු කරන බවත් මෙම අවස්ථාවට සහභාගිවූ මහනුවර මහනගර සභාවේ පුරපති කේසර සේනානායක මහතා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *