පොල් – කුරුම්බා රට යැවීම පොල් ගැටලුවට හේතුව

වර්තමානයේ රට මුහුණ දී සිටින පොල් අර්බුදයට හේතුව පොල් අපනයනය කිරීම බවත් ශ්‍රී ලංකාවේ පොල් අපනයන ඉල්ලුම මිලියන 800 සිට මිලියන 1,400 දක්වා ඉහළ ගොස් ඇති බවත් ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය.

කොළඹ ලයන්ස් ක්ලබ්හිදී අද පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී පුබුදු ජයගොඩ මහතා එසේ සඳහන් කළේය.

මෙරට වාර්ෂිකව මිලියන 3,100 ක සාමාන්‍ය පොල් ගෙඩි අස්වැන්නක් නිෂ්පාදනය කරන බවත් මෙම වසරේ පොල් අස්වැන්න මිලියන 700 කින් පමණ අඩුවීම ගැටලුව බවට පත්ව ඇති බවත් ඒ මහතා කීය.

මෙරට වාර්ෂික පරිභෝජනය සඳහා පොල් ගෙඩි මිලියන 2,100 ක් පමණ අවශ්‍ය බව කී ජයගොඩ මහතා රටේ පරිභෝජනයට යොදවලා ඉතිරි පොල් අස්වැන්නෙන් මිලියන 800 ක් පමණ අපනයනය කරන බව ද සඳහන් කළේය.  ව්‍යාපාරිකයන් කුරුම්බා අපනයනය කර විශාල ලාභයක් ලබන බවත් පොල් අපනයනයෙන් වාර්ෂිකව ඩොලර් මිලියන 400 ත් 600 ත් අතර ආදයමක් මෙරට ලබන බවත් ඔහු කීය.

පොල් අස්වැන්න මිලියන 700 කින් පමණ අඩු වීම කෙටිකාලීන ප්‍රශ්නයක් නොවන බව කී පුබුදු ජයගොඩ මහතා රටේ පොල් අස්වැන්නට බලපෑම් කළ දිගුකාලීන බලපෑම් රැසක් ඇති බව ද වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *