පොල්තෙල් මිල වැඩි කිරීමට සූදානම් වෙයි.

සාම්ප්‍රදායික පොල්තෙල් නිෂ්පාදකයන් යැයි කියාගන්නා පිරිසක් දේශීය වෙළෙඳපොළේ පොල්තෙල් මිල ඉහළ දැමීමට පාර සකසමින් සිටින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය (NMCRP) අද ප්‍රකාශ කළේය.

NMCRP සභාපති රංජිත් විතානගේ මහතා පැවසුවේ, දැනට වෙළෙඳපොළේ පොල් ගෙඩියක් රුපියල් 120, 130 වැනි ඉහළ මිලකට අලෙවි වන බවයි.

“විවිධ හේතූන් නිසා වෙළෙඳපොළේ පොල් මිල ඉහළ යමින් පවතිනවා. පොල් මිල ඉහළ ගියත් සැපයුමේ කාර්යක්ෂමතාව නිසා වෙළෙඳපොළේ සාධාරණ මිලකට පොල්තෙල් අලෙවි කරනවා,” විතානගේ මහතා පැවසීය.

වෙළෙඳපොළට සැපයුම අඩාල කර කෘත්‍රිම හිඟයක් ඇති කරමින් පොල්තෙල් මිල ඉහළ දැමීම මෙම පිරිසේ අරමුණ බවද ඔහු පැවසීය.

“පසුගිය වසරේ ඔවුන්ගේ අරමුණ වී තිබුණේ වෙළෙඳපොළේ සැපයුම අඩාල කර කෘත්‍රිම හිඟයක් ඇති කර පොල්තෙල් මිල ඉහළ දැමීමයි. පසුගිය වසරේ මේ පිරිස කෘත්‍රිමව පොල් තෙල් මිල වැඩි කළා,” ඔහු පැවසීය.

“මේ කණ්ඩායම නිසි අමුද්‍රව්‍ය භාවිතා නොකර පොල්තෙල් නිෂ්පාදනය කරනවා. ෆාම් ඔයිල්වලට වඩා පොල්තෙල් මිල කෘත්‍රිමව වැඩි කළා. ශරීරයට අහිතකර ෆාම් ඔයිල් මිලට ගන්න කියලා පාරිභෝගිකයන් බල කරලා අධික ලාභයක් ලැබුවා,” ඔහු පැවසීය. .

තම උත්සාහය සාර්ථක වුවහොත් මෙරට පාරිභෝගිකයාට පොල්තෙල් ඉහළ මිලට ගැනීමට පමණක් නොව විෂ සහිත පාම් ඔයිල් මිශ්‍ර කළ පොල්තෙල් මිලදී ගැනීමටද සිදුවන බව විතානගේ මහතා අනතුරු ඇඟවීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *