පොදුජන පෙරමුණ ප්‍රධාන මැතිවරණ ප්‍රචාරක රැළි තාවකාලිකව නවතයි

ජුලි මස 13, 14 සහ 15 යන දිනයන්ට අදාළව පොදුජන පෙරමුණ විසින් සංවිධානය කළ, අගමැති හා ජනපති සම්බන්ධ වන ප්‍රචාරක රැළි තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් විසින් මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුවයි.

මීට අමතරව මෙවර මැතිවරණය සඳහා තරග කරන පොදුජන පෙරමුණු අපේක්ෂකයින් සංවිධාන කරන සියලු හමුවීම් සහ කුඩා රැස්වීම් සියල්ල ද සීමා කරන ලෙසටත්, යම් හෙයකින් කුඩා රැස්වීම් සහ හමුවීම් පවත්වන්නේ නම් ඒවා දැඩි සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව පමණක් සංවිධාන කරන ලෙසටත් බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර තිබේ. පොදුජන පෙරමුණ විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *