පොඩි දරුවන් 63%ක කිරි දත් දිරලා

ශ්‍රී ලංකාවේ පෙර පාසැල් හා ප්‍රාථමික පාසැල් දරුවන්ගෙන් 63% ක් කිරි දත් දිරායාමෙන් පීඩා විඳින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

වැඩිහිටි ජනගහනයෙන් අඩක් විදුරුමස් රෝගවලින් පෙළෙන බව කී අමාත්‍යවරයා  මෙරට පිරිමින් අතර බහුලතම පිළිකාව වන්නේ  මුඛ පිළිකාව යැයි සඳහන් කළේය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව කීවේ ඊයේ ට (20) යෙදී තිබෙන ලෝක මුඛ සෞඛ්‍ය දින ජාතික සැමරුම් උත්සවයට ප්‍රධාන ආරාධිතයා  ලෙස සහභාගී වෙමිනි. මෙම උත්සවය කොළඹ ගාලු මුවදොර පරිශ්‍රයේ දී පැවැත්විණි.

“සුවැති මුවක් – සුවැති මනසක්” යන්න තේමා කරගනිමින් මෙම වර්ෂයේ දී ලෝක මුඛ සෞඛ්‍ය දිනය සමරනු ලබන අතර සෞඛ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය, ජාත්‍යන්තර දන්ත වෛද්‍ය සම්මේලනය එක්ව මෙම ජාතික උත්සවය සංවිධානය කර තිබිණි.

ලෝක මුඛ සෞඛ්‍ය දිනය මෙවර 12 වන වරට සමරනු ලබන අතර 2013 වර්ෂයේ දී ජාත්‍යන්තර දන්ත වෛද්‍ය සම්මේලනය මගින් මෙම දිනය ප්‍රකාශයට පත් කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *