හිටපු පාර්ලිමේන්තු මන්ත්රී හරින් ප්රනාන්දු මහතා මැතිවරණ කොමිසම නිලධාරීන් පොලිසිය සමඟ උණුසුම් අවස්ථාවක් බදුල්ල නගරයේදී අද ඇති විය.
ඒ නීති විරෝධී ආකාරයෙන් මැතිවරණ ප්රචාරණයේ යෙදුණේ යැයි ඔහුට අදාළ නිලධාරීන් විරෝධය පෑම හේතුවෙනි.
බදුල්ල නගරයේ පිරිසක් සමග ගෙන් ගෙට යාමේ ප්රචාරක කටයුත්තක යෙදෙද්දී මැතිවරණ කොමිසමේ නිලධාරීන් හා පොලිසිය ඊට මැදිහත්ව ඔහුට තත්ත්වය පැහැදිලි කර දුන්නේය.
නමුත් ඔහු ඊට විරෝධය පාමින් ඒ මහතා තමන් ඇඳ සිටි උඩුකය ඇඳුම ගලවා දමා පාරේ ඇවිද ගියේය.