පෙට්‍රල් තොගය පැමිණීම තවදුරටත් ප්‍රමාද වේ.

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක භාණ්ඩ තොගය පැමිණීම තවදුරටත් ප්‍රමාද වී ඇති බව අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.

ඊයේ පැමිණීමට නියමිතව තිබූ ඉන්ධන තොගය ප්‍රමාදයක් හේතුවෙන් අද දිනට නියමිතව තිබූ නමුත් එය තවදුරටත් ප්‍රමාද වී ඇති බවට මේ වනවිට වාර්තා වී තිබෙනවා.

පෙට්‍රල් තොගය පැමිණීම තවදුරටත් ප්‍රමාද වන බවට සැපයුම්කරු ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දන්වා ඇති බව අමාත්‍ය විජේසේකර මහතා පැවසීය.

ඉන්ධන තොගය පැමිණෙන නව දිනයක් අදින් පසුව තහවුරු කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

“ප්‍රමාදය සහ ඊයේ යාවත්කාලීන කිරීම ගැන මම සමාව අයදිනවා,” බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *