ජංගම දුරකථන යෙදවුමක් හරහා ලිංගික ක්රියාකාරකම් සඳහා ආරාධනා කර ඒ සඳහා එක්වන පුද්ගලයින්ට විවිධ අපරාධ සිදුකරන තරුණයින් 07ක් සහ තරුණියක් මොරටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, ඊට හසුවූ යුද පුද්ගලයෙක් සිදුකර තිබූ පැමිණිල්ලකට සිදුකළ විමර්ශනයකදීය.
ජංගම දුරකථන යෙදවුමක් හරහා සමලිංගික ඇසුර ලබාදෙන බව පවසා නිවසට ගෙන්වාගෙන මෙම සංවිධානාත්මක අපරාධ සිදුකර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 16ත් 20ත් අතර තරුණයින් 07ක් සහ තරුණියකි.
සැකකරුවන් සහ සැකකාරිය එකතුවී අදාළ පුද්ගලයාගෙන් රුපියල් ලක්ෂ 02ක් එලෙස මංකොල්ලකා තිබේ.
සමලිංගික ඇසුර ලබාගැනීමට උත්සාහ කරන පුද්ගලයින් ඉලක්ක කරමින් මෙම ජාවාරම සිදුකර අතර ඔවුන්ව නිවසට ගෙන්වාගෙන මුදල් කොල්ලකෑම සිදුකරයි.
ඉකුත් 06 වනදා දහවල් 12ට පමණ අදාළ පුද්ගලයා සමලිංගික ඇසුරක් සඳහා මොරටුව කොරළවැල්ල ප්රදේශයේ නිවසකට පැමිණ තිබේ.
වයස අවුරුදු 16ක තරුණයෙකු එම පුද්ගලයාව නිවස තුළට කැඳවාගෙන ගොස් කාමරයක් තුළ රැඳීසිටින අවස්ථාවේදී අදාළ තරුණයාගේ සහෝදරයෙකු ලෙස පෙනීසිටිමින් තවත් තරුණයෙකු එම ස්ථානයට කඩාපැන ඔවුන් සිදුකරන ක්රියාවන් ප්රශ්න කිරීම සිදුකරයි.
ඊටත් පසු තවත් තරුණයින් කිහිපදෙනෙකු එම ස්ථානයට පැමිණෙන අතර ඔවුන් සොහොයුරාගේ මිතුරන් බව පවසමින් අදාළ සිද්ධිය රිසිසේ වීඩියෝ කරයි.
අදාළ පුද්ගලයාට පහරදී එම පහරදීම් ද වීඩියෝ කිරීමෙන් පසු සියලු වීඩියෝ අන්තර්ජාලයට මුදාහරින බවට බියගන්නාව ඔහුගෙන් මුදල් ඉල්ලා සිටී.
මෙලෙස තරුණයින් පිරිස අදාළ පුද්ගලයාගේ බැංකු කාඩ්පත රැගෙන ඉන් රුපියල් ලක්ෂ 02ක් ලබාගෙන තිබේ.
එම සිද්ධියෙන් පසු අදාළ තරුණයින් යළිත් මුදල් ඉල්ලා සිටීම නිසා මෙම පුද්ගලයා ඒ පිළිබඳව මොරටුව පොලීසියට පැමිණිලි කර තිබුණි.
සිද්ධිය දැනගත් වහාම ක්ෂණිකව ක්රියාත්මකවූ මොරටුව පොලීසියේ ස්ථානාධිපතිවරයා මෙම සිද්ධිය ඇතිවූ නිවසට ගොස් ඊට අනුබල ලබාදුන් වයස අවුරුදු 20 සහ 18 හැවිරිදි අඹු-සැමි යුවළ අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන්ගෙන් අනාවරණය කරගත් තොරතුරු මත සිද්ධියට සම්බන්ධ තරුණයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිද්ධියේ ප්රධාන සැකකරු වන ජංගම දුරකථන යෙදවුම භාවිත කරමින් සමලිංගික ඇසුර ලබාදෙන බව පවසා ඇති තරුණයා මේ වනවිට ප්රදේශයෙන් පළාගොස් ඇත.
අත්අඩංගුවට ගත් තරුණයින්ගේ ජංගම දුරකථන පරීක්ෂා කිරීමේදී මීට පෙර මේ ආකාරයෙන් අපරාධයට හසුකර ගත් පුද්ගලයින්ගේ වීඩියෝ කිහිපයක් ද සොයාගෙන තිබේ.
අදාළ පුද්ගලයාගේ ATM කාඩ් පතෙන් ලබාගත් රුපියල් ලක්ෂ 02ක මුදලෙන් 193,000ක් ද මේ වනවිට මොරටුව පොලීසිය විසින් සොයාගෙන ඇත.
ඔවුන් සතුව තිබූ ජංගම දුරකථන 09ක් වැඩිදුර විමර්ශන සඳහා පොලීසිය භාරයට ගෙන තිබේ.
සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්රියාත්මකය