පුද්ගලයන් වාහකයන් ලෙස යොදා ගනිමින් ජංගම දුරකථන රට තුළට ගෙන ඒම සම්බන්ධව ක්‍රියාමාර්ග…

වාහකයන් භාවිතා කරමින් ලියාපදිංචි නොකළ ජංගම උපාංග ජාවාරම් කිරීම රජයට බදු ආදායම අහිමි කරන අතර ජාතික ආරක්ෂාවට තර්ජනයක් වේ*

රජයට බදු ආදායම අහිමි කරමින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් පුද්ගලයන් යොදා ගනිමින් ජංගම දුරකථන මෙරටට රැගෙන ඒමේ සංවිධානාත්මක ජාවාරම සම්බන්ධයෙන් ජංගම දුරකථන ආනයනකරුවන්ගේ සංගමය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා දැනුවත් කිරීමෙන් අනතුරුව අමාත්‍ය නානායක්කාර මහතා අදාළ කරුණු අමාත්‍යවරයාට පැහැදිලි කළේය. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභා බලධාරීහු මෙම ජාවාරම නැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියහ.

ජංගම දුරකථන ආනයනකරුවන්ගේ සංගමය සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අතර ඊයේ (27) පැවැති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය විය.

ජංගම දුරකථන ආනයනකරුවන්ගේ සංගමය අමාත්‍යවරයාට කියා සිටියේ මෙම ජාවාරම නැවැත්වීමට වහා පියවර ගත යුතු බවයි.

ඉහත නීති විරෝධී ආකාරයෙන් ජංගම දුරකථන ආනයනය කිරීම හේතුවෙන් 2021 වසරේදී පමණක් ඩොලර් මිලියන 220ක පමණ මුදලක් උණ්ඩියල් ක්‍රමය හරහා නීතිවිරෝධී ලෙස විදේශ ගමනාන්ත වෙත යොමු කර ඇති බවත් එමගින් රජයට බදු ආදායම අහිමි වූ බවත් ජංගම දුරකථන ආනයනකරුවන්ගේ සංගමය අමාත්‍යවරයාට ප්‍රකාශ කළේය. රුපියල් බිලියන 7.8 ක් පමණ වනු ඇතැයි ගණන් බලා ඇත.

මෙලෙස ලියාපදිංචියකින් තොරව ජංගම දුරකථන ආනයනය කිරීම ජාතික ආරක්ෂාවට ද බලපාන බවත් එවැනි ජංගම දුරකථන පිළිබඳ කිසිදු වාර්තාවක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සතුව නොමැති බවත් ජංගම දුරකථන ආනයනකරුවන් අමාත්‍යවරයාට පෙන්වා දුන්නා.

රටේ බදු ආදායමට සහ ජාතික ආරක්ෂාවට බලපාන නීතිවිරෝධී ජංගම දුරකථන ආනයනය නැවැත්වීමට මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගේ සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මැදිහත්වීමෙන් අවශ්‍ය පියවර ගන්නා බවට අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සහතික විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *