පුත්තලම කලපුවෙන් රත්‍රන් කිලෝග්‍රෑම් 04කට වැඩි ප්‍රමාණයක්

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බත්තනංගුණ්ඩුව දූපත ආසන්නයේදී ඊයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී පුත්තලම කලපුවේ ගැඹුරේ තිබී කිලෝග්‍රෑම් 04කට අධික රත්‍රං පාර්සලයක් සොයා ගැනීමට හැකි වූ බව නාවික හමුදාව පවසයි.

මෙම වටිනා රත්‍රං තොගය ජාවාරම්කරුවන් විසින් හිතාමතා දිය යට ගිල්වා ඇති බවට නාවික හමුදාව සැක පළ කරයි. මෙම මෙහෙයුමේදී ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන සැකකරුවන් 02ක් සහ ඩිංගි යාත්‍රා 01ක් ද අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දිවයින වටා වෙරළබඩ සහ මුහුදු ප්‍රදේශවල නිරන්තර සෝදිසි මෙහෙයුම් සහ මුර සංචාර සිදු කරනු ලබන අතර, මුහුදු මාර්ග ඔස්සේ සිදුවන විවිධ අපචාර ක්‍රියාකාරකම් වැළැක්වීමේ අරමුණින්.

මෙම ප්‍රයත්නවල දිගුවක් ලෙස වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය විසින් දෙසැම්බර් 08 වන දින බත්තනංගුණ්ඩුව දූපත ආසන්න මුහුදු ප්‍රදේශයේ මෙම විශේෂ මෙහෙයුම සිදු කරන ලදී. මෙම මෙහෙයුමේදී පුත්තලම කලපුවේ ගැඹුරේ තිබී සැකකටයුතු පාර්සලයක් නාවික හමුදා සාමාජිකයින් විසින් සොයා ගන්නා ලදී. ඉන් අනතුරුව, රත්‍රං කිලෝග්‍රෑම් 04කට අධික ප්‍රමාණයක් අඩංගු පාර්සලය නාවික හමුදා භාරයට ගෙන ඇත.

මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 27 සහ 35 වයස්වල පසුවන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, සැකකරුවන් සහ රත්‍රන් සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *