පුංචි ඡන්දයේ උසාවි මතය අද මැතිසබයට

පළාත් පාලන ආයතන ඡන්ද  විමසීම පැවැත්වීම සඳහා විධිවිධාන සැලසෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය දැනුම් දීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක්  කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ  ප්‍රධානත්වයෙන් අද (14) සිකුරාදා පෙරවරුවේ පැවැත්වේ.

මෙම රැස්වීම පැවැත්වෙන්නේ  අගමැතිනී අාචාර්්‍ය හරිනි අමරසූරිය මෙනවිය කළ දැන්වීමකට අනුවය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනිවර කියවීමේ විවාදය ලබන  17 වැනිදා  සදුදා ‍සවස 2.00 සිට රාත්‍රී  7.00 දක්වා පැවැත්වීමට  නියමිතය.

පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මතවී  කතානායකවරයා ඊට සහතිකය සටහන් කිරීමෙන් පසු  පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.

එසේම  මෙම පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා අදාළ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවද අද (14) රැස්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *