පී.සී.ආර්. පරීක්ෂණ කටයුතු සඳහා “ඉටුකම” මිලියන සීයක් ලබාදෙයි

කොවිඩ්-19 ආසාදිතයින් හදුනා ගැනීම සඳහා සිදුකරනු ලබන පී.සී.ආර්. පරීක්ෂණ කටයුතු සඳහා “ඉටුකම” කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලෙන් රුපියල් මිලියන සියයක් ලබා දීමට තීරණය කර තිබේ.

එමෙන්ම කොවිඩ්-19 වසංගත තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ කටයුතු වෙනුවෙන් තවත් රුපියල් මිලියන සියයක මුදලක්ද එම අරමුදලෙන් ලබාදීමට තීරණය වී ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල්ජාසිංහ මහතා පවසා සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *