පිළිකා ලේඛනගත කරන්න යයි

තෝරා ගත් දිස්ත්‍රික්ක වල ජනගහන පාදක පිළිකා ලේඛනගත කිරීමේ වැඩසටහන හරහා පිළිකා පිළිබඳ ආවේක්ෂණය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට්  අනුමැතිය  ලැබී ඇත.

Bloomberg Philanthropies සහ ඔස්ට්‍රේලියානු රජය විසින් අරමුදල් සපයනු ලබන සෞඛ්‍ය සඳහා දත්ත (D4H) මුල පිරීමේ වැඩසටහන මඟින් තීරණාත්මක මහජන සෞඛ්‍ය තොරතුරු රැස් කිරීම සහ භාවිතය ශක්තිමත් කිරීම සඳහා අඩු හා මධ්‍ය ආදායම් ලබන රටවල් 20 කට වැඩි ගණනකට තාක්ෂණික සහාය සපයනු ලබයි.

එම වැඩසටහන සමඟ සහයෝගීව කටයුතු කරනු ලබන Vital Strategies ආයතනය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සඳහා දත්ත මුල පිරීමෙහි ප්‍රමුඛ තාක්ෂණික හවුල්කරුවා වශයෙන් කටයුතු කරමින් මේ වන විට වැඩසටහන් 3 ක් ක්‍රියාත්මක කර ඇත.

ඒ යටතේ වන මීළඟ වැඩසටහන වශයෙන් ශ්‍රී ලංකාවේ තෝරාගත් දිස්ත්‍රික්ක කිහිපයක ජනගහනය මත පදනම් වූ පිළිකා ලේඛනගත කිරීම ශක්තිමත් කිරීම සඳහා තාක්ෂණික සහාය ලබා දීමට Vital Strategies ආයතනය විසින් එකඟතාව පළ කර තිබේ.

යෝජිත ව්‍යාපෘතිය යටතේ එම ආයතනයේ ශ්‍රී ලංකාවේ මුල්‍ය ඒජන්සිය වන ශ්‍රී ලංකා සෞඛ්‍ය තොරතුරු සංගමය හරහා හඳුනාගත් ක්‍රියාකාරකම් සඳහා රුපියල් මිලියන 19.50 ක පමණ අරමුදල් වැය කිරීමට අපේක්ෂා කරනු ලබයි.

ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා Vital Strategies ආයතනය සහ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *