පිරමීඩ ලොක්කෙක් ඉඩම් 16ක් අරන්

“ඔන්මැක්ස් ඩී.ටී.” පිරමීඩාකාර නීති විරෝධී මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂකවරයකු ජනතාවගෙන් වංචා කල මුදල් යොදවා රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩම් 16ක් මිලදීගෙන ඇති බව රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කරනු දක්වමින්  පැවසීය.

සැකකාර  අධ්‍යක්ෂවරයාට එරෙහිව විමර්ශන ආරම්භ කිරීමෙන් පසුව එම ඉඩම් දාසයෙන් ඉඩම් 12 ඕපනායක ප්‍රදේශයේ වෛද්‍යවරයෙකුට අලෙවි කර ඇති බවත්, එකම දිනයකදී රුපියල් මිලියන ගණනක් යොදවා ඉඩම් 12  මිලදී ගත් වෛද්‍යවරයා පිළිබඳව විමර්ශන ආරම්භ කළ බවත් සැබවින්ම මෙම වෛද්‍යවරයා ඉඩම් මිලදී ගැන ඇතිද? එම ඉඩම් මිලදී ගත්තේ නම් ඔවුන්ට එම මුදල් ලැබුණේ කෙසේද? යන්න විමර්ශනය කරන බවත් රහස් පොලිසිය පැවසීය.

රහස් පොලිසිය කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාර අධ්‍යක්ෂකවරයාට විවෘත වරෙන්තු  නිකුත් කළ අතර,වෛද්‍යවරයාට රටින් පිටවීම තහනම් කරමින් විදෙස් ගමන් තහනමක්ද  නිකුත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *