ලංකා පිඟන් සංස්ථාව ලංකා ඛනිජ වැලි සමාගමට සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු රුපියල් කෝටි පනහකට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.
ලංකා පිඟන් සංස්ථාව ලංකා ඛනිජ වැලි සමාගමට 2012 වර්ෂයේ සිට ගෙවිය යුතු රුපියල් කෝටි තිස් අටකට වැඩි මුදලක්ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බදු වර්ග හයක් වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් කෝටි දොළහකට වැඩි මුදලක්ද මෙසේ ගෙවීම පැහැර හැර ඇති බව එම වාර්තාවේ දැක්වේ.
මේ අතර බංගදෙනිය කම්හල පිහිටි ඉඩමේ ගොඩනැගිලි කඩා ඉවත් කර තිබුණද අක්කර හතක ඉඩම කිසිදු ප්‍රයෝජනයකට ගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි. එසේම එම කම්හලේ ඉඩම් හා ගොඩනැඟිලි ඇතුළු වත්කම් දීර්ඝ කාලයක සිට ප්‍රයෝජනයට ගෙන නැතැයිද එම වාර්තාව සඳහන් කරයි.
මේ තොරතුරු සඳහන් වන්නේ ලංකා පිගන් සංස්ථාවේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන ලේඛනයේය.මෙම වාර්තාව පාර්ලිමේන්තුවට පසුගිය 17 වැනිදා ඉදිරිපත් කෙරිණ.