“ආණ්ඩුව ස්ථාවර වෙමින් තිබෙන නිසා සමහරු අද අසත්‍ය සමාජ ගත කරමින් තිබෙනවා.තවමත් පැරණි ඇබ්බැහිකම් වෙනස් කර ගන්න බැරි මාධ්‍ය ආයතන කිහිපයක් ආර්ථිකයට වැදගත් ක්ෂේත්‍ර පිළිබඳව අසත්‍ය ප්රවෘත්ති වාර්තා කරනවා.පැරණි කුණු අවලස්සන ඇදුම් ඉවත් කර ගෙන ප්රජාතන්ත්රවාදයේ ඇදුම් පලදින ලෙස අපි ඔවුන්ට ආරාධනා කරනවා.”ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාතර දී පැවසීය.
“අපි එකට මාලිමාවට”යන මැයෙන් ජාතික ජන බලවේගය මාතර උයන්වත්ත ක්‍රිඩාංගනයේ දී සංවිධානය කල ජන රැලියේ දී ඔහු ඒ බව කීය.
“මහ ඡන්දයට තව සති දෙකකට ආසන්න කාලයක් තියෙන්නේ.වෙනදා මෙහෙම ඡන්දයක් තියෙනකොට මාතර තත්වය කොහොමද?විශාල රැස්වීම් තියලා කොඩි දාලා කැත පන්නයේ මැතිවරණ ව්‍යාපාරයක් තමයි කරන්නේ.ගම් වලට ගිහින් සාමාන්‍ය මිනිසුන් බිය ගන්වනවා.සමෘද්ධිය කපනවා කියනවා.වැසිකිලි පෝච්චී බෙදනවා.සාරි බෙදනවා.රස්සා දෙනවා කියලා ෆෝම් බෙදනවා.ඒ කැත පන්නයේ දේශපාලන සංස්කෘතිය අපි මෙවර අවසන් කර තිබෙනවා.ඉතා සාමකාමී ප්රජාතන්ත්රවාදී දේශපාලන වටපිටාවක් අපි සකස් කර තිබෙනවා.
ජනාධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය හැර වෙනත් කෙනෙක් දීනුවානම් මේ ඡන්දය කොහොම වෙයිද?භාණ්ඩ බෙදන,සල්ලි බෙදන,රාජ්‍ය මාධ්‍ය යොදා ගන්නා පොලිස් බලය යොදා ගන්නා ඡන්ද ව්‍යාපාරයක් බවට පත් වෙනවා.ජාතික ජන බලය මේ රට ගොඩනැගුමේදී පමණක් නොවෙයි ඡන්ද ව්‍යාපාර වලදිත් දියුණු ගති ලක්ෂණ පෙන්වන පක්ෂයක් බවට ඔප්පු කර තිබෙනවා.
අල්ලස් කොමිස් දීලා ජනමතය විකෘති කරන ගෝත්‍රික ඡන්ද ව්‍යාපාරය අපි අවසන් කර තිබෙනවා.චණ්ඩි දේෂපාලනය නෑ.ඒ නිසා ඕනෑම කෙනෙකුට නිදහසේ තම මතය ප්‍රකාශ කරන්න පුලුවන්.හැබැයි අපිට කරන්න දෙයක් නෑ.ඒ අයට රැස්වීමක්වත් තියා ගන්න බැරි වෙලා තිබෙනවා.ඒ අයගේ නොහැකියාව නිසයි එහෙම වෙලා තිබෙන්නේ.අපිට අවශ්‍ය ජනාධිපතිවරණයෙදී ලබා ගත් ජයග්‍රහණය ශක්තිමත් කරලා නොවැම්බර් 14 වැනි දින මාලිමාවෙන් පාර්ලිමේන්තුව පුරවන්නයි.ඒ සදහා ශක්තිමත ජනවරමක් මාතර දිස්ත්‍රික්කයේ ජනතාව ලබා දෙන බව අපට විශ්වාසයි.
හැබැයි භූමියේ ඒ ගොල්ලෝ නැති වුනාට රැස්වීම් හැමතැනම නැතිවුනාට රූපවාහිනියේ ඒ ගොල්ලෝ ඉන්නවා.මොකද තවමත් පැරණි ඇබ්බැහිවීම් වෙනස් කර ගන්න බැරි මාධ්‍ය ආයතන කිහිපයක් තිබෙනවා.මාධ්‍ය අපේ රටේ ප්රජාතන්ත්රවාදය සුරක්ෂිත කර ගන්න වැදගත්.ඒ නිසා පැරණි අවලස්සන කිලිටි ඇදුම් ඉවත් කරලා ප්රජාතන්ත්රවාදයේ ඇදුම් පැලද ගන්න කියලා අපි ඒ ගොල්ලොන්ට ආරාධනා කරනවා.
අපි දැන් අවස්ථා කිහිපයක් බලා ගෙන ඉන්නවා.රටට ආර්ථික වශයෙන් වැදගත් ක්ෂේත්‍ර කිහීපයක් පිළිබඳව අසත්‍ය ප්රවෘත්ති වාර්තා කරනවා. මම දැක්කා සමහර නාලිකා වාර්තා කරන ප්රවෘත්ති.ඉස්සෙල්ලම හෙඩිම ආණ්ඩුව මුදල් අච්චු ගහයි.ඊ ලග ප්‍රවෘත්තිය ඒ නාලිකාවෙම ආණ්ඩුව මුදල් අච්චු ගැහුවද ?.ඉස්සෙල්ලා අච්චු ගැහුවා කියලා ඊ ලගට අපෙන් අහනවා අච්චු ගැහුවද කියලා.බලන්න ඊ ලගට ගහනවා.මුදල් අච්චු නොගැසූ බව පවසයි කියලා.ඇයි ඒ පැරණි කිලීටි අවලස්සන ඇදුම් ඉවත් කර ගන්න තවම බැරි වෙලා තිබෙනවා.අපි ඔවුන්ට ආරාධනා කරනවා ප්රජාතන්ත්රවාදයේ ඇදුම් ඇද ගන්න කියලා.
මේ රටේ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කර ගන්න.මාධ්‍යට විශාල කාර්ය භාරයක් තිබෙනවා.ඒ කාර්යභාරය නිසි පරිදි ඉටු කරයි කියලා අපිට විශ්වාසයක් තිබෙනවා.ඒ වගේම ඔබට මතක ඇති පසුගියදා ආරුගම්බේ ප්‍රදේශයේ යම් ප්‍රහාරයක් පිළිබඳව වාර්තා වුණා.ඒ වාර්තා වුනාට පසු අපි ඉතාමත් සැලසුම්සහගතව පියවර ආරම්භ කලා.
පලමුකොට ජනතාව කලබල නොවෙන්න හා සංචාරක ව්‍යාපාරයට බාධාවක් ඇති නොවෙන්න.ඒ ආකාරයට පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න අපි පියවර ගත්තා.මොකද එවැනි බුද්ධි අංශ තොරතුරක් ආවාම ඉස්සෙල්ලම කරන්න ඕන පත්තරේ දාන එක නොවෙයි.
බුද්ධි අංශ තොරතුරක් ආවාම ආණ්ඩුව කල යුතු පලමු දෙය ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගන්න පියවර ගෑනීමයි.ඒවා තමයි ආණ්ඩු.මම දැක්කා මාතර එක්කෙනෙක් කෑ ගහලා කියනවා.ඇයි මාධ්‍යට කිව්වේ නැත්තේ ඇයි කියලා ඇයි එයා ගිහින් වැලිගම මුර කරන්නද?මිරිස්සේ මුර කරන්නද?අපි ආරක්ෂක විධි විධාන තර කලා.අවස්ථා ගණනාවකදී ආරක්ෂක මණ්ඩල රැස්වුණා.