ඇපල් අයිෆෝන්

පැරණි අයිෆෝන් මන්දගාමී කිරීම නිසා ඇපල් සමාගමට දඩ

පරණ අයිෆෝන් මාදිලි හිතාමතාම මන්දගාමී කිරීම නිසා ඇපල් සමාගමට යුරෝ මිලියන 25 ක් (පවුම් මිලියන 21 ක්, ඩොලර් මිලියන 27 ක්) දඩ නියම කර තිබේ.

මෙම දඩ මුදල ප්‍රංශයේ තරඟකාරීත්වය සහ වංචා නියාමනය සදහා වු ඩී.ජී.සී.සී.ආර්.එෆ් (Directorate General for Competition, Consumption and the Repression of Fraud) ආයතනය විසින් පනවා ඇති අතර ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙම මන්දගාමී කිරිම පිළිබදව පාරිභෝගිකයින්ට දන්වා නොමැති බවයි.

2017 දී ඇපල් සමාගම සමහර අයිෆෝන් වේගය අඩු කළ බව සනාථ කළ නමුත් එය එසේ කළේ උපාංගවල “ආයු කාලය දීර්ඝ කිරීම” සඳහා පමණක් බව පැවසීය.

ඇපල් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තමන් ප්‍රංශ නියාමන අධිකාරය සමඟ ඇති ගැටළුව විසඳා ඇති බවයි.

ඇපල් පැරණි අයිෆෝන් මන්දගාමී කරන්නේ ඇයි?

බොහෝ ගනුදෙනුකරුවන් කලක සිට සැක කර සිටියේ ඇපල් සමාගම විසින් පැරණි අයිෆෝන් මාදිලිවල වේගය අඩු කර නව මාදිලියක් නිකුත් කරන විට යාවත්කාලීන වීමට උනන්දු කරවන බවයි.

2017 දී සමාගම විසින් තහවුරු කරන ලද්දේ ඔවුන් විසින් වයස්ගත වන සමහර මාදිලි මන්දගාමී කල නමුත් යාවත්කාලීන වීමට මිනිසුන් දිරිමත් කිරීමක් නොකල බවයි.

පරණ උපාංගවල ඇති ලිතියම්-අයන බැටරි කාලයත් අවශ්‍ය විදුලි ඉල්ලුම සැපයීමේ හැකියාව අඩු වන බව එහි සඳහන් වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඉලෙක්ට්‍රොනික උපාංග ආරක්ෂා කිරීම සඳහා අනපේක්ෂිත ලෙස අයිෆෝනය නිවා දැමීමක් සිදු විය හැකි බව සදහන් වේ.

මම හේතුවෙන් , සමාගම විසින් iPhone 6, iPhone 6S සහ iPhone SE සඳහා මෘදුකාංග යාවත්කාලීනයක් නිකුත් කළ අතර එමඟින් බැටරි ක්‍රියාකාරිත්වය “සුමට” කිරීම එහි අරමුණ විය.

කෙසේ වෙතත් අයිෆෝන් භාවිත කරන්නන් ප්‍රකාශ කලේ ඔවුන්ගේ අයිෆෝන් 6S පැරණි වත්ම සැලකිය යුතු ලෙස මන්දගාමී වී ඇති නමුත් බැටරිය නැවත ප්‍රතිස්ථාපනය කිරීමෙන් පසු නැවතත් උපාංග වේගවත් වී ඇති බවයි.

ප්‍රංශ නියාමනයන් කුමක්ද?

ප්‍රංශ නියාමන අධිකාරය පැවසුවේ අයිෆෝන් හිමිකරුවන්ට “iOS යාවත්කාලීන කිරීම් (10.2.1 සහ 11.2) ස්ථාපනය කිරීමෙන් ඔවුන්ගේ උපාංග මන්දගාමී විය හැකි බව දැනුම් දී නොමැති” බවයි. ගිවිසුමේ කොටසක් ලෙස, මාසයක කාලයක් සඳහා ඇපල් සමාගම සිය වෙබ් අඩවියේ ප්‍රංශ භාෂාවෙන් මේ පිළිබදව දැන්වීමක් ප්‍රදර්ශනය කළ යුතුය.

ඇපල් තවමත් පැරණි අයිෆෝන් මන්දගාමී කරයිද?

ඔව්. 2017 දී ඇපල් විසින් මෙම ක්‍රියාව තහවුරු කළ බැවින් එය තවත් අයිෆෝන් මාදිලි කිහිපයක ක්‍රියාත්මක කර ඇත:

iPhone 6, 6 Plus, 6S, 6S Plus
iPhone SE
iPhone 7 and 7 Plus
iPhone 8 and 8 Plus running iOS 12.1 හෝ ඊට වැඩි
iPhone X running iOS 12.1 හෝ ඊට වැඩි
iPhone XS, XS Max and XR running iOS 13.1 හෝ ඊට වැඩි

මෙලෙස මන්දගාමී විමේ සැකසුම සක්‍රීය කර ඇත්තේ බැටරිය පිරිහීමට පටන් ගත් විට ආරම්භ වන පරිදි පමණක් වන අතර,දැන් IOS කාර්ය සාධන කළමනාකරණය(Performance Management) සක්‍රිය කර ඇති විට පාරිභෝගිකයින්ට පැහැදිලි තොරතුරු ලබා දෙයි.

කෙසේ වෙතත් සමගම දඩ මුදල ගෙවීමට එකඟ වී ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *