පැන්න සැකකරු වසර 15කට පසු අල්ලයි

මැගසින් බන්ධනාගාරයේ සිට කැස්බෑව අධිකරණය වෙත රැගෙන එමින් සිටියදී බස් රථයේ තට්ටුවේ යකඩ තහඩුවක් ගලවා ධාවනය වෙමින් තිබූ බස් රථයෙන් කිලෝමීටර් 6 පමණ දුරක් යකඩ රාමුවේ එල්ලී පැමිණ කැස්බෑව අධිකරණය ආසන්නයේදී බස් රථය යටින් මහ මඟට පැන පලා ගිය රිමාන්ඩ් සිරකරු වසර 15කට පසු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ පිළියන්දල මාම්පේ කටුකුරුන්ද වත්ත පදිංචි දෙනගමගේ දොන් උපේක චන්ද්‍රගුප්ත නොහොත් ගඩාෆි නැමැති (43) හැවිරිදි අයෙකි. ඔහු යුද හමුදා පාබල සේනාංකයේ හිටපු සෙබළෙකි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *