පැතිරෙන්නේ මී උණට සමාන වෛරසයක්

යාපනයේ පැතිර යන හඳුනානොගත් උණ වයිරසය මී උණට සමාන වෛරසයක් බව යාපනය ප්‍රාදේශීය සේවා සෞඛ්‍ය අධ්‍යක්ෂක කේ.ඒ්. කේදීස්වරන් මහතා පැවසීය.

මිය ගිය රෝගීන්ගේ සාම්ඵල කිහිපයක් කොළඹට යවා සිදුකරන ලද පරික්ෂණ වලදී දැනට මේ පිළිබදව තොරතුරු අනාවරණය වී ඇතැයිද වෛද්‍යවරයා පැවසීය.

එමෙන්ම ‘මේ වන විට යපනය සහ පේදුරුතුඩුව රෝහල්වල මෙම හදීසි උණ වෛරසය වැළඳී රෝගීන් 44 දෙනෙකු වාර්ථා වී ඇති බවටත් ඉන් රෝගීන් 7 දෙනෙකු මිය ගොස් ඇති බවටත් වෛද්‍යවරයා පැවසීය.

යාපනය පේදුරුතුඩුව, කරවෙඩ්ඩි සහ චාවකච්චේරි ප්‍රදේශයන්හි මෙම උණ වෛරසය වාර්ථා වී ඇති හෙයින් ඔිනෑම අයෙකුට උණ තත්වයක් ඇති වුවහෙත් ළඟම ඇති රෝහල වෙතට පැමිණ රුධීර සාම්ඵල වාර්ථාවක් ලබාගන්නා ලෙසටද  වෛද්‍ය කේ.ඒ්. කේදීස්වරන් මහතා පැවසීය.

අදාල වෛරසය මී උණට සමාන වයිරසයක් බැවින් ඒ් ඔස්සේ සෙසු රෝගීන්ට ප්‍රතිකාර කිරීම අරඹා ඇතැයිද ඔහු සඳහන් කළේය.

මේ අතර මෙම වෛරසය පිළිබඳව සොයා බැලීම සඳහා කොළඹ වසංගත රෝග විද්‍යා අංශයේ නිලධාරීන් පිරිසක් යාපනය සහ පේදුරුතුඩුවට ගොස් සෞඛ්‍ය බලධාරීන් හමු වී විශේෂ සාකච්ඡාවක් ද සිදු කළහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *