පාසැල් ආරම්භ කළ වහාම නිල ඇඳුම් ලබා දීමට කටයුතු කරනවා – අමාත්‍ය ජී.එල්. පීරිස්

පාසල් සිසුන්ට නිල ඇඳුම් ලබාදීමේ කටයුතු පාසල් ආරම්භ කළ වහාම සිදු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරීස් මහතා ඊයේ (06) පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාසල්වලට නිල ඇඳුම් ලබාදීම පිළිබඳව සජිත් පේ‍්‍රමදාස මහතා යොමුකළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් ලබාදීම මෙතෙක් සිදුකර නොමැති බවට විපක්ෂ නායකවරයා අධ්‍යාපන අමාත්‍යාංශයට චෝදනා කළ අතර, ඊට පිළිතුරු දෙමින් අදහස් දැක්වූ අමාත්‍ය ජී.ඇල්. පීරිස් මහතා පැවසුවේ දිස්ත‍්‍රික්ක 5 ක් සඳහා මේවන විට නිල ඇඳුම් ලබාදී අවසන් බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ජී. එල්. පීරස් මහතා කියා සිටියේ නිල ඇඳුම් ලබාදීමේ වැඩසටහන ක‍්‍රමවත්ව ක‍්‍රියාත්මක කරන බවත්, පාසල් ආරම්භ නොකොට නිල ඇඳුම් ලබාදීම ප‍්‍රායෝගික නොවන බවත් හෙතෙම කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *